Wednesday, April 6, 2011

සංගාගේ රහස් හෙලිවේ!!!

ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාරගේ පියා නුවර පළාතේ ප‍්‍රකට නීතිඥවරයෙකි. මව කුමාරි සංගක්කාර සරසවි උපාධිධාරිණියක වන අතර, සරසවි අධ්‍යාපනයෙන් පසුව ඇය එහි ඉංගී‍්‍රසි අංශයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කර ඇත. මේ යුවළට දරුවන් හතරදෙනෙකි. දූවරු දෙදෙනෙක් සහ පුතුන් දෙදෙනෙක් ඊට අයත්ය. සංගා ඒ සහෝදර සහෝදරියන් අතර බාලයාය. ඔහුගේ ලොකු අක්කා මානව සම්පත් අංශයේ කළමනාකාරවරියක ලෙස දිවයිනේ ප‍්‍රකට ආයතනයක සේවය කරයි. අයියා ගණකාධිකරණ අංශයේ සහ අනෙක් සොයුරිය ව්‍යාපාරික ආර්ථික විද්‍යා අංශයේ උපාධිධාරිණියකි. සංගාගේ කුඩා කාලයගෙදර කාගේත් ආදරය දිනූ චරිතය ඔහුය. පවුලේ බාලයා වීම සහ පි‍්‍රයමනාපකම ඊට ප‍්‍රධාන හේතුය. හැමෝගෙම ආදරය දිනූ සංගා අනෙක් ළමයින් මෙන් සෙල්ලමට වඩාත් ළැඳි විය. කි‍්‍රයාශීලී චරිතයක් වූ ඔහු ත‍්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර, කී‍්‍රඩාවට සහ ඉගෙනීමට මෙන්ම පාසලේ විවිධ අංශවලට දායකව කටයුතු කළ දීප්තිමත් චරිතයකි. ඉගෙනීම් කටයුතු සඳහා පමණක් යොමු කිරීම මවගේ අපේක්‍ෂාව වුවද සංගාගේ ආදරණීය අප්පච්චි බාහිර කි‍්‍රයාකාරකම්වල යෙදීමට නිදහස ලබා දී තිබේ. ‘ඔහු කී‍්‍රඩාවට කැමති නම් එය කරපුවාවේ, එයින් දක්‍ෂ නම් ඉගෙනීමත් හරියට කරාවි’ යන අදහස සැමියා දැරූ බව සංගාගේ මෑණියන් සිහිපත් කරයි. හැබැයි කරන කුමකින් හෝ මුදුනටම යා යුතු බවත් ඔහුගේ හැඟීම වී තිබේ. එනයින් බලන කල සංගා අද සිටින තැනට පැමිණ ඇත්තේ වාසනාව පමණක් තිබූ නිසා නොවේ. හොඳ මාපිය යුවළකගේ බුද්ධිමත් මඟපෙන්වීම නිසා බව අපට වැටහේ.